ප්‍රනීත්ගේ අඩවිය

බෙල්ජියම

Posted by hmpu on February 19, 2008

මම අදහස් කලා රටවල් කිහිපයක් ගැන තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න. මුලින්ම බෙල්ජියම ගැන කතා කරමු.

 

මුලින්ම බෙල්ජියමේ පිහිටිම ගැන කථා කරමු. එය යුරෝපා මහද්වීපයේ පිහිට්ට් ඇති රටක්. බෙල්ජියම  ප්‍රංශය, නෙදර්ලන්තය හා ලක්සම්බර්ග් යනරටවල් වලින් හා උතුරැ මුහුදින් වට වී තිබෙනවා. භුගෝලීය වශයෙන් ප්‍රධාන කලාප  3කට බෙදෙනවා. බෙල්ජියම තවත් රටවල් කිහිපයක යටත් විජිතයක් ලෙස පැවති රටක්, එය තනි රටක් බවට පත් වුයේ 1830 දීය. මෙහි අගනුවර වශයෙන් බ්‍රසල්ස් නගරයද ඇන්ට්වර්ප්,ගෙන්ට්,ලෙයිග්  හැදින්වීමට හැක.

 

මෙහි ජනකොටස් කිහිපයක් ජිවත් වෙනවා, එනම්  ෆලෙමිං ජාතිකයන් හා වැලුන් ජාතිකයන්ය. ෆලෙමිං ජාතිකයන් ලන්දේසි භාෂාවද වැලුන් ජාතිකයන් ප්‍රංශ,වැලුන් භාෂාවද  කථා කරයි. මෙහි වැඩි දෙනෙක් කතෝලික ආගම අදහයි. භාවිතා කරන මුදල් වර්ගය බෙල්ජියන් ෆ්‍රෑන්ක්ය. ඔවුන් නිරත වන කර්මාන්ත වශයෙන් ලෝහ ,රෙදිපිලි ,වීදුරු නිෂ්පාදනය වේ. කෘෂිකාර්මික වශයෙන් තිරිගු,බාර්ලි, අර්තාපල් වගා කරති. බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථාන වශයෙන් බ්‍රසල්ස් විශ්ව විද්‍යාලය,ඇන්ට්වර්ප් සහ ගෙන්ට්වරායන්, බ්‍රසල්ස්  අන්තර් ජාතික  ගුවන් තොටුපළ හදුන්වන්න පුළුවන්.

 

Leave a Reply

You must be logged in to post a comment.